පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ටි.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීරණය කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (නීතිය ඉදිරියේ අසමානව සැලකීම), 12(2) (දේශපාලන මතය අනුව වෙනස්කම් සිදුකිරීම), 13(1) (හේතු නොදක්වා අත්අඩංගුවට ගැනීම) සහ 13(2) (නීතියේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව අත්අඩංගුවට ගැනීම) යන වගන්ති යටතේ නඩුව විභාග කිරීමටයි.

පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සමග නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරුන් පෙනී සිටි‍යා.

Share This