
දෙහිවලදී පුද්ගලයකුට වෙඩි
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අද (24) දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සිදුකර තිබුණ ද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එම පුද්ගලයා බේරී තිබෙනවා.
මෙලෙස වෙඩික්කරුවන් ගේ ඉලක්කය වී ඇත්තේ දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ සෞඛ්‍ය පරිපාලක ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.
සිද්ධිය අද උදේ නමයට දෙහිවල ධර්මපාල මාවතේදී සිදුව තිබුණා.