
පාතාල ගැටුමේ ඥාතීන් පසුපස පන්නන දෙහිවල දී වැරදුන කුරුමානම
අද පෙරවරුවේ දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඉලක්ක කර වෙඩි තැබීමට ගත් උත්සාහය පතාල කල්ලි දෙකක සාමාජිකයින් ගේ ඥාතීන් ඉලක්ක කර සිදුකළ එකක් බව වාර්තා වනවා.
කෙසේ නමුත් ඉලක්කයට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කිසිදු පතාල කල්ලියකට සම්බන්ධයක් නැති අයකු බවත් , ඔහු කොස්මල්ලී නමැති පතාල කල්ලි සාමාජිකයාගේ කල්ලි සාමාජිකයකු වන චූව සමන්ත නොහොත් යකා සමන්ත නමැති පාතාල ක්‍රියාකරුවකු අක්කාගේ පුතකු බවටත් සදහන්.
මෙම වෙඩි තැබීම බඩෝවිට අසංක සහ කොස්මල්ලී නමැති පතාල ක්‍රියාකරුවන් අතර කලක පටන් පවතින විරසකයක් හේතුවෙන් දෙපාර්ශ්වයේ ක්‍රියාකරුවන්ගේ ඥාතීන් ඉලක්ක කර සිදුවන පලිගැනීමේ රැල්ලක් නිසා සිදු වූවක් බවට ද වාර්තා වනවා.
අද දෙහිවලදී අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇත්තේ බඩෝවිට අසංක පාර්ශ්වයෙන් බවට සදහන්.
කෙසේ නමුත් අද ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
දෙහිවල පොලීසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.