
අපවත්වී වදාළ අස්ගිරි අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද
අපවත්වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඊයේ දිනයේ සහ අදත් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජාතික ආගම් භේද නොතකමින් නන්දෙසින් ජනතාව පැමිණියා.
සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්ම උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ යථිවර නමක වූ ආණමඩුවේ සද්ධම්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධ රක්ඛිත ධම්මස්්‍යාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනාහිමියන් අපවත් වූයේ පසුගිය 21 වැනිදායි.
ඒ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත් වනවිට උන්වහන්සේ 67 වැනි වියේ පසුවුණා.
අස්ගිරි අනු නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අස්ගිරි මහ විහාරයට ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙන්ම
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක් වුණා.