තෑගි පාර්සල් දෙන බව පවසා මූල්‍ය වංචා කළ අයෙක් පොලීසිය සොයයි

තෑගි පාර්සල් දෙන බව පවසා මූල්‍ය වංචා කළ අයෙක් පොලීසිය සොයයි

තෑගි පාර්සල් දෙන බව පවසා පුද්ගයින් සමග දුරකථනයෙන් සම්භන්ධ වෙමින් අන්තර්ජාලය භාවිතා කරමින් ඔවුන් රවටා වංචා සහගත ලෙස බැංකු ගිනුම් වෙත මුදල් තැන්පත් කරවා ගනිමින් හා සැක කටයුතු ලෙස එම ගිනුම් පවත්වාගෙන යාම සම්භන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය – 02 මගින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරමින් පවතිනවා.

සිද්ධිය සම්භන්ධයෙන් සැකකරු අධිකරණය මගහරිමින් සිටින අතර ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ අදාල සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බැවින් ඔහු සොයාගැනීම සදහා මහජන සහය පතන බවයි.

සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙනවා.

දුරකතන අංක –
ස්ථානාධිපති මූල්‍ය විමර්ශන අංක 02 – 071 – 8594911
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 -2320140

Share This