
ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි ගින්නක්
ඩෙන්වර් ගුවන් තොටුපළේදී ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (26) ගුවන්ගත වීම නවතා දැමීමට සිදු වූයේ ගොඩබෑමේ ගියර් ක්‍රියා විරහිත වීම හේතුවෙන් ධාවන පථයේ ගින්නක් සහ දුමාරයක් ඇතිවීම හේතුවෙන්.
හදිසි ඉවත් කිරීමක් සිදු වූ අතර, මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කළා.
බලධාරීන් පැවසුවේ එක් අයෙකුට සුළු තුවාල සිදු වූ බවයි.
බෝයිං 737 MAX 8,AA-3023 එන්ජිමකින් ක්‍රියාත්මක යානයකින් ක්‍රියාත්මක වන මෙම ගුවන් යානය සිද්ධිය ඇතිවන විට මියාමි බලා පිටත්ව යාමට සූදානම්ව තිබුණා.
ගුවන් සමාගම පැවසුවේ ටයරයේ නඩත්තු ගැටළුවක් ඇති වූ බවයි.
භීතියට පත් මගීන් ගුවන් යානයෙන් පහළට ලිස්සා යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කලා.
ගොඩබෑමේ ගියරය ගිනිගෙන දුමාරයක් පිටවෙමින් තිබියදී මගීන් යානයෙන් පහළට පැමිණි අකාරය නාටකීය ස්වරූපයකින් දිස් වුණා.
මගීන් පිටතට එන විට මුළු ප්‍රදේශයම දුමෙන් පිරී ගොස් තිබුණා.