
ඉන්දියාවේ කෝවිලක තෙරපී 06 ක් මරුට
ඉන්දියාවේ, උත්තරාකන්ඩ් හි හරිද්වාර් හි ශුද්ධ නගරයේ පිහිටි මන්සා දේවි කෝවිලේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් බැතිමතුන් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ප්‍රධාන දේවාලයට යන මාර්ගයේ පඩිපෙළ මත මෙම තෙරපීම ඇති ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
විදුලි සැර වැදීමක් සිදුවිය හැකි බවට පැතිර යන කටකතා නිසා ජනතාව අතර භීතියක් ඇති වී මෙම තෙරපීම ඉන් අනතුරුව සිදුව තිබෙනවා.
ගාර්වාල් කොට්ඨාශ කොමසාරිස් විනයි ශංකර් පාණ්ඩේ පැවසුවේ තෙරපීම සිදුවීමට පෙර මන්සා දේවි කෝවිලේ විශාල පිරිසක් රැස්ව සිටි බවයි.
තුවාල ලැබූ බැතිමතුන් ගිලන් රථවලින් රෝහල් ගතකර තිබෙනවා.
දැනට වාර්තා වන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 55ක් ලෙස ගණන් බලා ඇති බවයි.