කැලණිය සරසවියේ රසාරාගෙන් ජර්මනියේදී ශ්‍රී ලංකා වාර්තාවක්

කැලණිය සරසවියේ රසාරාගෙන් ජර්මනියේදී ශ්‍රී ලංකා වාර්තාවක්

ජර්මනියේ මේ දිනවල පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 ඉසව්වේ අවසන් මහා තරගය නියෝජනය කරමින් තරගවැදී කැලණිය විශ්වවිද්‍යාලයේ රසරා විජේසූරිය එම ඉසව්වේන්ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

රසරා ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 ඉසව්වේ අවසන් මහා තරගය විනාඩි 15යි තත්පර 52 දශම 60කින් නිම කරේ 11 වැන්නා ලෙස තරගය නිම කරමින්.

ඒ අනුව 2021 වසරේ ගයන්තිකා අබේරත්න විසින් මීටර් 5000 ඉසව්ව විනාඩි 15 තත්පර 55 දශම 84 කින් නිම කරමින් තබා තිබූ වාර්තාවයි රසාරා මෙලෙස බිඳ දැමුවේ.

රසරා විජේසූරිය මෙම තරගාවලියේදීම මීටර් 10000 ඉසවේද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමත් කැපී පෙනුණා.

Share This