හිටපු අමාත්‍ය මනුෂට අපහාසාත්මක ප්‍රකාශ නොකරන්නැයි සුදාට යූ ටියුබ් වාරණයක්

හිටපු අමාත්‍ය මනුෂට අපහාසාත්මක ප්‍රකාශ නොකරන්නැයි සුදාට යූ ටියුබ් වාරණයක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් ප්‍රසිද්ධ යූටියුබ් කරුවකු වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කරයි.

එම වාරණ නියෝගය අගෝස්තු මස 07 වැනි දා දක්වා බලපැවැත්වෙන බවද නියෝගයේ සඳහන්.

එදින මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකාර සුදත්ත තිලකසිරි මහතා වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග ක⁣ළා.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් සිය සේවා දායකයාට එරෙහිව අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර තිබෙන බවත් එවැනි අනීතික කටයුතු අත් හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුවයි මෙම නියෝග නිකුත් කර ඇත්තේ.

Share This