
චෙම්මනි සමූහ මිනී ගැන ජාත්‍යන්තර විශේෂඥයින් හරහා ස්වාධී පරීක්ෂණයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් ඉල්ලයි (VIDEO)
මෙරට මේ වනවිට හමුව ඇති සමූහ මිනිවලවල් පිළිබඳ කරුනු සොයා බැලීමට ජාත්‍යන්තර විශේෂඥයින් හරහා ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ යාපනයේ චෙම්මනි සුසාන භූමියේ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදුකරන කැණීම්වලින් මේ වනවිට මිනිස් සිරුරු 111ක අස්ථි කොටස් සොයාගෙන තිබෙනවා.
එම කැනීම් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ද එහි පැමිණ තිබුණා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමන්තිරන් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සමූහ මිනිවලවල් කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇති නමුත් ඒවා විමර්ශනය කිරීමට නිසි යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මක නොමැති බවයි.
ඒ හේතුවෙන් එම මිනීවලවල් පිළිබඳ කරුණු සොයා බැලීමට ජාත්‍යන්තර විශේෂඥයින් හරහා ස්වාධී පරීක්ෂණයක් කළ යුතු බවත, සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.