ලංකාවේ පිරිමින්ට පෙනහළු පිලිකා වැළදීමේ වර්ධනයක් (VIDEO)

ලංකාවේ පිරිමින්ට පෙනහළු පිලිකා වැළදීමේ වර්ධනයක් (VIDEO)

ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයින් තුළ පෙනහළු පිලිකා වැළදීමේ වර්ධනයක් ඇතැයි ස්වසන රෝග පිළිබද වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (30) ප්‍රවෘත්ති සාකච්ඡාවකට හමුවකට එක්වෙමින්.

පෙනහළු පිළිකාව ලෙස පෙනහළු ආශ්‍රිතව විකෘති සෛල අඛණ්ඩව පාලනය කළ නොහැකි වර්ධනය වීමක් ලෙස හඳුන්වන් ලබනවා.

මෙම විකෘති සෛල තුලින් පෙනහළු තුළ සාමාන්‍ය ක්‍රීයාකාරීත්වයට බාධා සිදුකරන අතර එය ශරීරය පුරා සිදුවන ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේදී බාධා පමුණුනවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඒ අනුව ලෝකය පුරා වසරක් තුළ පෙනහළු පිළිකා රෝගීන් මිලියන 1.3ක් පමණ මරණ වාර්තා වන අතර එහි පිරිමි පුද්ගලයින් බහුල වන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ලෝක පෙනහළු දිනය යෙදී තිබෙන්නේ හෙට (01) දිනයටයි.

ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (30) පැවැත් වුණේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දීයි.

මෙහිදී 2021 වසරේ කළ මහරගම ජාතික පිළිකා ආයතනයේ සිදුකළ සමීක්ෂණයකදී එහි ප්‍රතිකාර ලබා ගත් පෙනහළු පිළිකා රෝගීන් ගෙන් සියයට 90 ක් දෙනා අවසන් අදියරේ දී හදුනාගත් රෝගීන් බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් ඉද්දමල්ගොඩ මහතා සදහන් කළා.

එවැනි රෝගීන් ගේ ශල්‍යකර්ම මගින් වැඩි කාලයක් ජීවත්වීමේ අවස්ථාව අහිමි වන බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් ඉද්දමල්ගොඩ මහතා පෙන්වා දුන්නා.

ඔහු පවසන්නේ පූර්ව අවදියේ පෙනහළු පිළිකා හදුනා ගැනීමෙන් රෝගියාගේ ජීවත්වීමේ කාලය ඉහළ දැමිය හැකි බවටයි.

Share This