
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩේට ෆූටාත් බසී (VIDEO)
සියලු පාර්ශ්වයන්ගෙන් යුතු සාකච්ඡාවකින් තොරව සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඵල රහිත බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
ඔවුන් මේ බව සදහන් කළේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව සාකච්ඡා කිරීම සදහා ලැබුණු ඇරයුමකට අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ඊයේ (30) පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය මෙනෙවිය හමුවුණා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.