සංක්‍රමනික බෝට්ටුවක් පෙරළී 68 ක් ජීවිතක්ෂයට – 74 ක්  අතුරුදන් (VIDEO)

සංක්‍රමනික බෝට්ටුවක් පෙරළී 68 ක් ජීවිතක්ෂයට – 74 ක් අතුරුදන් (VIDEO)

යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමනිකයින් 68 ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 74 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

මුහුදේ රළු ස්වභාවය මධ්‍යයේ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුකරන බව ප්‍රාදේශීය නිලධාරීන් ෛඊයේ පැවසුවා.

යේමනයේ දකුණු අබ්යාන් පළාතේ වෙරළ තීරයේ දවස පුරා ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මළ සිරුරු 68 ක් සොයා ගත් අතර, අලුයම දිවි ගලවා ගත් 12 දෙනෙකු ජලයෙන් ඉවත් කරන ලද බව අබ්යාන්හි සෞඛ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ අබ්දුල් කාදර් බජමිල් පැවසුවා.

එරට බලධාරී සදහන් කළේ දිවි ගලවා ගත් අය වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ෂක්රා මහ රෝහලට මාරු කර යවා ඇති බවයි.

දිගු කලක් මුහුදු ජලයට නිරාවරණය වීම සහ වෙහෙසට පත්වීම හේතුවෙන් දිවි ගලවා ගත් ඇතැමුන් බරපතල තත්ත්වයේ පසුවන බව වෛද්‍ය කාර්ය මණ්ඩලය වාර්තා පවසා තිබෙනවා.

අගෝස්තු 2 වන දින රාත්‍රී 11 ට පමණ ඉතියෝපියානු සංක්‍රමණිකයින් 154 දෙනෙකු රැගත් බෝට්ටුවක් අබ්යාන් මුහුදේ ඇති වූ දැඩි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් පෙරළීමෙන් මෙම ඛේදවාචකය සිදුව තිබුණා.

අබියන් හි ආරක්ෂක බලධාරීන් තහවුරු කළේ සියලුම වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය ඉතියෝපියානු ජාතිකයන් බවයි.

යේමනයට ළඟා වීමට උත්සාහ කරන අප්‍රිකානු සංක්‍රමණිකයින්ගේ අඛණ්ඩ ප්‍රවාහයේ කොටසක් බවත්, පසුව වඩා හොඳ ආර්ථික අවස්ථා සොයමින් ගල්ෆ් රටවලට යන බවත් වා‍ර්තා වනවා.

මෙම මිනිස් ජාවාරම කලක පටන් සිදුවන බවට එරට බලධාරීන් සදහන් කළා.

Share This