
දුම්රිය රියදුරු ගේ සැලකිල්ල නිසා රැකුණ වන අලි ජීවිත විනාශය (VIDEO)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු පුලතිසි ශීඝ්රගාමී දුම්රියේ රියදුරුවරයා දුම්රිය මාර්ගය හරහා මාරු වන වන අලි රංචුවකගේ ජීවිත බේරා ගැනීමට සමත් වූයේ ඔහු සිය සැලකිලිමත් දුම්රිය ධාවනය හේතුවෙන්.
දුම්රිය මාර්ගවල වේග සීමා පාලනය කිරීමත් කාල සටහන වෙනස් කිරීමත් නිසා මේ දිනවල දුම්රිය රියදුරුවරුන් නිතර දුම්රියට වන අලි ගැටීම නිසා අඩු වේගයකින් දුම් රිය ධාවනය කිරීම නිසා මෙම අනතුර වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම සිද්ධිය පසුගිය 6 වන දින රාත්රියේ සිදුවී ඇති අතර මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථානය අතර ප්රදේශයේදී මෙසේ වන අලි රංචුව දුම්රිය මාර්ගය හරහා මිනේරිය රක්ෂිතයේ සිට කවුඩුල්ල රක්ෂිතයට මාරු වන ආකාරය ජංගම දුරකතනයක සටහන්ව තිබුණේ මෙසේයි.