
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හපන්නු තෝරණ විභාගය අද
2025 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වනවා.
ඒ අනුව,විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 දෙනෙකු පෙනී සිටීමටද නියමිතව තිබෙනවා.
දරුවන්ට අවශ්‍ය පෑන්, පැන්සල්, මකන කැබැල්ලක්, අඩි රූලක් වැනි ද්‍රව්‍ය විනිවිද පෙනෙන පර්සයක දමාගෙන යා හැකි බවත්, කටු වැඩ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ කඩදාසි ලබා දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඊයේ සඳහන් කළා.
ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම්කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත්, ක්ෂණික ඇමතුම් අංකය වන 117 ඇමතීමෙන් දැනුම් දිය හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවා.