තරුණ සේවා හිටපු සභාපති පසිදු ගුණරත්න ගිය සමුළුවක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

තරුණ සේවා හිටපු සභාපති පසිදු ගුණරත්න ගිය සමුළුවක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතක් සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ “1st Consultative Dialogue For Commonwealth Youth Ecosystem Stakeholders” සදහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවෙක් යොමුකර නොමැති බවයි.

1st Consultative Dialogue For Commonwealth Youth Ecosystem Stakeholders” සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කියෝජිතයින් සහභාගී කරවන ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට ආරාධනාවක් ලැබී තිබූ බව එම නිවේදනයේ සදහන්.

එම ආරාධනයේ සදහන් පරිදි එම සමුළුව සදහා සහභාගී වීමට අදාල සියලු වියදම් අමාත්‍යාංශය හෝ සහභාගී වන අය විසින් දැරිය යුතු බව දැනුම් දී තිබුණා.

අමාත්‍යාංශය වෙත ලෝකයේ බොහෝ රටවල පැවැත්වෙන මෙවැනි තරුණ සමුළු සදහා නිරන්තරයෙන් ආරාධනා ලැබෙන බැවින් එම සමුළු අතරින් තෝරාගත් සමුළු සදහා නියෝජිතයින් සහභාගී කරවීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍යාංශ නිවේදනයේ දැක් වෙනවා.

මෙම අවස්ථාවේ මෙම සමුළුව සදහා අමාත්‍යාංශය කිසිවකු නම්කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවකු සහභාගී කරවීමට කටයුතු නොකල බව අදාල නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිදු ගුණරත්න මෙම සමුළුව සදහා සහභාගී වූයේ අමාත්‍යාංශය විසින් කරන ලද යොමුකිරීමක් අනුව බවට වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් අසත්‍ය බව එම නිවේදනයේ සදහන්.

අමාත්‍යාංශය විසින් කිසිවකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවකු මෙම සමුළුවට සහභාගී කරවා නැති බැවින් ත්ෘණ සේවා හිටපු සභාපති පසිදු ගුණරත්න ට ශ්‍රී ලංකාව නියෝජනය කළ බව පවසමින් ඊට සහභාගී විය නොහැකි බව අදාල අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙනවා.

 

Share This