බාල ගෑස් උදුන් කොටස් ගෙන්වා එකලස් කළ හොර කම්හලට මුද්‍රා තබයි

බාල ගෑස් උදුන් කොටස් ගෙන්වා එකලස් කළ හොර කම්හලට මුද්‍රා තබයි

චීනයේ නිෂ්පාදිත බවට ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් බාල තත්ත්වයෙන් යුතු කොටස් එකලස් කර ගෑස් උදුන් වෙළඳපොළට බෙදා හැරීමේ ජාවාරමක් හසු කර ගැනීමට පාරිභෝගික කටයුතු නිලධාරීන් සමත්ව තිබෙනවා.

නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් උදුන් හාඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් පසුගිය කාලයේ පුරා විටින් විට ඒ හරහා සිදුවූ අනතුරු රැසක් වාර්තා වුණා.

එවන් පසුබිමන් තුළ පාරිභෝගික ජනතාව නොමග යමින් බාල තත්ත්වයෙන් යුතු කොටස් එකලස්කර සාදන ගෑස් උදුන් වෙළඳපොළට බෙදා හැරීමේ මහා පාරිමාණ ජාවාරමක් සිදුවන බවට අපට තොරතුරු වාර්තා වුණා.

එහිදී අපට අනාවරණ වුණේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක දෙවැනි මහගේ නීති විරෝධී මෙම ගෑස් උදුන් නිෂ්පාදනය සිදුකරගෙන යන වගයි.

සේවකයින් 20 දෙනෙකු පමණ දිනපතා නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් උදුන් 500 ක් පමණ මෙම ස්ථානයේ එකලස් කර ඒවා චීනයෙන් නිෂ්පාදිත බවට ව්‍යාජ තොරතුරු සඳහන් කර මහා පරිමාණයෙන් වෙළඳ පොළට යැවීමේ ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.

ලද තොරතුරු අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අදාළ කර්මාන්ත ශාලාව පරික්ෂා කළා.

මෙම නීතිවිරෝධී ගෑස් උදුන එකලැස් කිරීමේ මධ්‍යස්ථානය පිළිබඳව පාරිභෝගිකඅධිකාරියේ නිලධාරීන් මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කළා.

එහිදී අධිකරණය නියෝග කළේ නිසි ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන ගිය මෙම ගෑස් උදුන් කම්හලට මුද්‍රා තැබීමටයි.

එමෙන්ම ඉන්වෙළඳපොළට නිකුත් කර ඇති ගෑස් උදුන් පිළිබඳව අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසද අධිකරණයට කරුණු වාර්තා කළා.

Share This