ගම්පහ ප්‍රදේශ රැසකට හෙට පැය 10 ක් ජල සැපයුම නෑ

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට පැය 10 ක් ජල සැපයුම නෑ

ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් හෙට(11) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය10 ක කාලයක් රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවලට ජලසැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

එ අනුව නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය , බටලීය, අත්තනගල්ල ,පස්යාල,ඌරාපොල,දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Share This