සී.සී.ටී.වී. දර්ශන මගින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන බියකරු කතාවක් හෙළිවේ (VIDEO)

සී.සී.ටී.වී. දර්ශන මගින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන බියකරු කතාවක් හෙළිවේ (VIDEO)

ඉන්දියාවේ නොයිඩා නේවාසික සංකීර්ණයක දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කරන කාන්තා සේවිකාවක්, මාස 15 ක් වයසැති බිළිඳෙකුට පහර දුන් බවට ඇගේ දෙමාපියන් චෝදනා කිරීමෙන් පසු අත්අඩංගුවට එම සේවිකාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බිළිඳාගේ කලවා ප්‍රදේශයේ සපා කෑමේ සලකුණු තිබී ඇති අතර , දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ තිබූ සීසීටීවී දර්ශනවලින් පෙනී යන්නේ සේවිකාව හිතාමතාම කුඩා දරුවාගේ මුහුණට පහර දී ඇයව බිම දමන ආකාරයයි.

පදිංචිකරුවන්ගේ සංගමය විසින් පවත්වාගෙන යනු ලබන මෙවැනි දිවා සුරැකුම් මධ්‍යස්ථානය රාශියක් ඇතැයි වාර්තා වනවා.

දෙමව්පියන් රැකියාවට යන අතරතුර තම ළදරුවන් මෙම දිවා සුරැකුම් ඒකකවල දමා ගොස් ආපසු පැමිණ ඔවුන් නිවසට රැගෙන යාමටයි හුරුව ඇත්තේ.

මෙම සේවිකාව දරුවා හිසනයට ලක් කරන සී.සී.ටී.වී. දර්ශන දෙමාපියන් තුළ භීතියක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.

දෙමාපියන් මුලින් දැක ඇත්තේ බිළිඳාගේ කලවා වල ඇති ලපයි.

ඔවුන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙන ගිය විට, එම ලප සපා කෑමෙන් ඇති වූ බව ඔවුන්ට වෛද්‍යවරයා දන්වා තිබෙනවා.

බියට පත් දෙමව්පියන් නේවාසික සංකීර්ණ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සීසීටීවී දර්ශන පෙන්වන ලෙසයි.

සේවිකාව බිළිඳාගේ මුහුණට පහර දෙන ආකාරය සහ හිතාමතාම ඇයව බිම හෙළන ආකාරය එම දර්ශනවල දැක් වෙනවා.

 

Share This