කරවල අපනයනය ඉහළ නැංවීමට ධීවර ඇමති සාකච්ඡාවක

කරවල අපනයනය ඉහළ නැංවීමට ධීවර ඇමති සාකච්ඡාවක

මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා සහ අපනයනකරුවන්, සැකසුම්කරුවන්, නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන් සහභාගී සිටියා.

යුරෝපය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි ඉහළ ප්‍රමිතීන් අපේක්ෂා කරන වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන කරවලවල ගුණාත්මකභාවය පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.

මෙම සාකච්ඡාවේදී සැකසුම්කරුවන් සහ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.

ගුණාත්මකභාවයෙන් ඉහළ කරවල දේශීයව සපයා ගැනීමේ දුෂ්කරතාව ඔවුන්ගේ ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇති අතර , මීගමුව වැනි ප්‍රදේශවල කරවල නිෂ්පාදනයේදී පවතින ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ද මෙහිදී අවධානයට ලක්ව තිබුණා.

⁠මීගමුව වැනි ප්‍රදේශවල දැනට සිදුකරන කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක තත්ත්වයන් ඉහළ නැංවීමට අවශ්‍ය ආධාර සහ උපකාර ලබා දීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

 

Share This