
බස් – ත්‍රිරෝද රථ අනතුරෙන් දෙදෙනෙක් රෝහලට
මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ එක් අයෙකුගේ තත්ත්වයේ බරපතල බවයි.
අද දහවල් කළුතර – මතුගම ප්‍රධාන මාර්ගයේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මතුගම පොලිසියේ ප්‍රකාශ කළා.
ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ත්‍රි රෝද රථයේ ගැටී ඇත්තේ මතුගම සිට කොළඹ දක්වා ගමන් ගත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක්.
මතුගම යටදොළවත්ත ප්‍රදේශයේදී බස් රථය සහ තීරෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.