කටුනායක ගුවන් තොටුපළේ දී නීතිවිරෝධී සිගරට් තොගයක් එක්ක තරුණයෙක් අල්ලයි

කටුනායක ගුවන් තොටුපළේ දී නීතිවිරෝධී සිගරට් තොගයක් එක්ක තරුණයෙක් අල්ලයි

රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(11) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මහනුවර , ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි ඩුබායි හි ගෘහ සේවයේ යෙදී සිටි අයෙක්.

ඔහු අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට , ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යාන‍යකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පුද්ගලයා රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ ” ප්ලැටිනම්” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 40,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 200 ක් සගවා රැගෙනවිත් තිබුණා.

 

Share This