
රැකියා විරහිත උපාධිධාරින් රැකියා ඉල්ලා පැළැවත්ත ජ.වි.පෙ. කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක
රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා.
අනතුරුව ඔවුන් විරෝධතාව පළ කළේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය ඉදිරිපිට දීයි.
එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් ද ඇති වුණා.
විරෝධයේ නිරත වූවන් පැවසුවේ තමන් වසර ගණනක සිට රැකියා බලාපොරොත්තුවෙන් සිටින නමුත් වත්මන් ආණ්ඩුවෙන් ද ඊට පිළිතුරක් නැති බවටයි.