
ආරක්ෂක මෙහෙයුම් වලින් ඊයේ දිනයේ දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය, විශේෂ කර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරන වැටලීම් වල දී ඊයේ (10) දිනය තුල පුද්ගලයින් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මීට අමතරව අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 422 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ දිනයේ මෙහෙයුම් සදහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ 7185 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුමට එකව තිබුණා.
එහිදී පුද්ගලයන් 28,858 දෙනෙක් පරීක්ෂාවට ලක් කළ අතර වාහන 11,162ක්ද යතුරු පැදි 9054 ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
නීති විරෝධී ගිනි අවි 05ක්ද මෙම වැටලීම් වලදී පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ මෙකී මෙහෙයුම් අතරතුරදී බීමත් රියදුරන් 118 දෙනකුද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වූ බවයි.