
මීගොඩ දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙඩි තැබූ ඝාතකයෙක් සහ මෝටර් රථය තලංගම දී අල්ලයි (VIDEO)
මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තැබීමකින් බරපතළ තුවාල තුවාල ලැබූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයින් පැමිණි බවට සැක කරන මෝටර් රථය සමග එක් සැකකරුවකු තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් සැකකරුවකු පළා ගොස් ඇති අතර අනෙක් සැකකරු සමග පිස්තෝල වර්ගයේ ගිනි අවිය පොලීසිය බාරයට ගෙන ඇතැයි පොලීසිය සදහන් කළා.
මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ තලංගම – කොස්වත්ත පාලම් තුන ප්‍රදේශයේ දීයි.
මීගොඩ ,ගැහැනුවල ප්‍රදේශයේදී අද දහවල් 1.00 ත් 1.30 ත් අතර කාලයේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
මෙම ඝාතනය විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලියා නමැත්තා මෙහෙයවන්නට ඇතැයි සැකකෙරෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ශාන්ත මුදුන්කොටුව මහතා 46 හැවිරිදි වියේ පසුවුණා.
ඔහු වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.