ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම ගැන අගමැති කාර්යාලයේ සාකච්ඡාවක්

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම ගැන අගමැති කාර්යාලයේ සාකච්ඡාවක්

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සමඟ පළාත් අධ්‍යාපන තොරතුරු පද්ධති සම්බන්ධීකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ, අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයක් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් එලැඹි තීරණයක් මත දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මෙම සාකච්ඡාවේදී දුරස්ථ පාසල් සඳහා ද ඩිජිටල්කරණය තුලින් අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශ ලබාදීම හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී සම්පත් බෙදීයාමේ විෂමතාවය අවම කර අධ්‍යාපනය සඳහා සම අවස්ථාව සැලැස්වීම පිළිබදව අවධානය යොමුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා පළාත් මට්ටමින් දැනට භාවිත වන ක්‍රමවේද සහ ඒ ආශ්‍රිතව හඳුනාගත් ප්‍රායෝගික ගැටළු හඳුනාගෙන ජාතික මට්ටමෙන් ඵලදායී හා කාර්යක්ෂම ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බවයි.

පළාත් නියෝජනය කරමින් සහභාගී වූ අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන් විසින් එක් එක් පළාත්වල පාසල්, පළාත් අධ්‍යාපන කාර්යාලවල ඩිජිටල් විසඳුම් භාවිතය පිළිබඳ දත්ත මෙන්ම යහපත් පරිචයන් (Best Practices) පිළිබඳව මෙහිදී ඉදිරිපත් කිරීම් සිදුකරන තිබෙනවා.

Share This