මොනරාගල බස් අනතුරකින් අයකුට දිවි අහිමිවී 22 කට තුවාල

මොනරාගල බස් අනතුරකින් අයකුට දිවි අහිමිවී 22 කට තුවාල

මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ වැලියාය ප්‍රදේශයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටි පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන (16) අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් මේ වන විට පුද්ගලයන් 22 තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

අනතුරින් මේ වන විට එක් අයෙක් මියගොස් ඇති අතර තුවාල ලැබූවන්ගේ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
අනතුර සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරුවරයා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

Share This