අඟුණුකොළපෑලැස්ස, මාෂ හා තෙල් බෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ ගින්නකින් අක්. 30 කට වැඩි කොටසකට හානි

අඟුණුකොළපෑලැස්ස, මාෂ හා තෙල් බෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ ගින්නකින් අක්. 30 කට වැඩි කොටසකට හානි

අඟුණුකොළපෑලැස්ස, මාෂ හා තෙල් බෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ වගා භූමි ප්‍රදේශයේ ඊයේ (15) සවස් කාලයේ ගින්නක් ඇති වී තිබූ අතර ඊයේ රාත්‍රිය වන විට අක්කර තිහකට අධික ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණ විනාශ වී තිබුණා.

මෙම ගින්න පාලනය කිරීම සඳහා තංගල්ල ගිනි නිවන ඒකකය හා එම ඒකකයේ කාර්ය මණ්ඩලය හා ආපදානිලධාරීන් එක්ව ඊයේ රාත්‍රී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා.

මේ ගින්න හේතුවෙන් එම පර්යේෂණ ආයතනයේ පරණ වගාබිම් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ සඳහා එළන ලද ජල නළ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම ප්‍රදේශයේ මේ දිනවල වී අස්වැන්න නෙලා පිදුරුවලට ගිනි තැබීමත් සමග එය මෙම වගා භූමිය දක්වා පැතිර ඇති බවට පාලන අධිකාරිය සැක පළ කරනවා.

 

Share This