කැකිරිඕබඩ ජලාශය  සිඳී පැරණි නටඹුන් මතුවේ

කැකිරිඕබඩ ජලාශය සිඳී පැරණි නටඹුන් මතුවේ

කැකිරිඕබඩ ජලාශය සිදීයාම නිසා පැරණි ගොඩනැගිලි, සොහොන් කොත් මතුව තිබෙනවා.

පවතින වියළි කාළගුණ තත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල පිහිටි කැකිරිඕබඩ ජලාශය සිඳී යාම නිසා මේ වනවිට එහි පැරණි නටඹුන් මතුව තිබෙනවා.

අක්කර අඩි 2500 කට ආසන්න ප්‍රමාණයක විශාලත්වයක් දරන මෙම ජලාශය මෑත කාලීනව ඉදිකරන ලද ජලාශයක්.

මෙමගින් කුඹුරු අක්කර පන්දහසකට පමණ ජලය සපයන අතර මීට අමතරව තංගල්ල නගරයට පානීය ජලය ෛසැපයීම සිදු කෙරෙන්නේ ද මෙම ජලාශයේ ජලයෙන්.

හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපාන දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කැකිරිඕබඩ ජලාශය මේ වන විට සිඳී ගොස් තිබෙනවා.

 

Share This