දිවුලපිටියේ පුද්ගලික ආරවුල දුරදිග ගොස් පහර දී අයෙක් මරුට

දිවුලපිටියේ පුද්ගලික ආරවුල දුරදිග ගොස් පහර දී අයෙක් මරුට

දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ අවහන්හලක් තුළදී පුද්ගලයින් පිරිසක් කළ පහර දිමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලු මුඟුරු සහ තියුණු ආයුධ යොදාගෙන එම පහර දිම සිදුකර ඇති බවයි.

දිවුලපිටිය පොලිස් වසමේ දූනගහ ප්‍රදේශයේ පිහිටි මෙම අවන්හලට පුද්ගලයෙකු පැමිණ තිබුණේ ආහාර ලබාගැනීමේ අරමුණින්.

එම අවස්ථාවේ තවත් පිරිසක් එම අවන්හලට පැමිණ ඇති අතර එහිදී අදාළ පුද්ගලයා සහ පැමිණි පිරිස අතර වචන හුවමාරුවක් සිදුව තිබුණා.

එය දුරදිග යාමත් සමඟ පැමිණ සිටි පිරිස වෙළඳසැලේ සිටි තරුණයාට තියුණු ආයුධවලින් සහ පොලු මුඟුරුවලින් පහර දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ 46 හැවිරිදි දිවුලපිටිය, ඉහළ මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචිව සිට අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share This