
තැපැල්පතිගේ නියෝග නොතකා සේවක වර්ජනය ක්‍රියාත්මකයි
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
මේ අතර සිය ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් පිරිසක් අද පෙරවරුවේ තැපැල්පතිවරයා හමුවුණා.
තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනීම් ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කරගමින් එහි සේවකයින් විසින් ඊයේ දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
එම වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක අතර එලෙස ඔවුන් වැඩ වර්ජනයේ නිරත වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ගේ නිවාඩු ද අවලංගු කර ඇති පසුබිමකයි.
ඒ අනුව අද දිනයේත් කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසක තැපැල් කාර්යාල වසා දමා ඇති අයුරු දක්නට ලැබුණා.
කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ස්ථාපිත තැපැල් කාර්යාලවල, සේවකයින් සේවයට වාර්තා කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර සිය ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්, කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටට පැමිණ අද පෙරවරුවේ තැපැල්පතිවරයා හමුවුණා.