
අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය අද(18) නියෝග කළා.
කොළඹ අපරාධ කොට්ටාස කළ කරුණු දැක්විම් සලකා බැලිමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළා.
නිලධාරීන් අධිකරණයට දැන්වූයේ පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ වු බවත් සෝදිසි කිරිම් තවමත් ක්‍රියාත්මක බවයි.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර උන්වහන්සේ කියා සිටින්නේ 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා බවයි.
පැහැර ගැනීම,කූට ලේඛනය, තර්ජනය කිරීම, රඳවා තබා ගැනීම,මරණ තර්ජනය කිරීම යන චෝදනා යටතේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දිනවල රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කිහිපයක් සෝදිසි කර ඇති අතර සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවටයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය රතන හිමියන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළා.