ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණීම සම්බන්ධව චෝදනා ලැබ සිටින එහි ඉතිරි සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර , සරත් එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ අජිත් මිල්රෝයි යන සැකකරුවන්ට එරෙහි නඩුව අද (18) යලි විභාගයට ගැනුනා .

ඒ SKYPE තාක්ෂනය ඔස්සේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් කාංචනා N .සිල්වා මහත්මිය ඉදිරියේදී යි .

මෙහි සෙසු සැකකරුවන් වූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා , ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන අය මීට පෙර ගම්පහ මහාධිකරණය මගින් ඇප පිට නිදහස් කළා.

එමෙන්ම ප්‍රසන්න රණවීර මහතා ඇතුළු අනෙක් සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥයන් ඇප ඉල්ලා සිටියත් එය ගම්පහ මහාධිකරණය හරහා ලබාගත යුතු බව මීට පෙර මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබෙන පසුබිමකයි අදත් මහර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග කෙරුනේ.

මෙහිදී නඩුවේ විත්තිකරුවෙකු වන සරත් එදිරිසිංහ අද දින මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට .නියමිතව තිබුණේ ඔහුට අයත් ව්‍යාපාරයකට අදාලව චෙක්පත් සඳහා අත්සන් කිරීම සඳහායි.

නමුත් සරත් එදිරිසිංහ අසනීපව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන නිසා වෛද්‍ය උපදෙස් මත අද නඩුව සඳහා ඉදිරිපත් කළේ නැහැ .

සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු විමසා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය නඩුව මේ මස 25 වන දින දක්වා කල් තැබුවා.

ඒ අනුව විත්තිකරුවන් එම දිනය දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

Share This