
කඩුවෙල මග දමා ගිය සෙල්ලම් තුවක්කු (VIDEO)
කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබූ ටී – 56 ගිනිඅවි තුනක් ඇතුළු ගිනිඅවි කිහිපයක් පොලීසිය සොයා
ගත්තා.
නවගමුව පොලීසිය සොයාගත් මෙම ගිනි අවි අතර බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් ද තිබූ බව පොලීසිය සදහන් කළ ද පසුව පැවසුවේ
සොයාගත් ගිනි අවි ව්‍යාජ බව ඒවා බවයි.
නමුත් එම බෑගයේ තිබී සොයාගත් ටී – 56 මැගසීනය ව්‍යාජ නොවන බව තහවුරු වී තිබෙනවා.
අද (18) දහවල් මාර්ගයක තිබී ටී – 56 ගිනි අවි තුනක්, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් නවගමුව පොලීසිය විසින් සොයා ගත්තේ පොලීසියට ලැබුණ තොරතුරකට අනුවයි.