කොටහේන පාසල් දැරියක සිය දිවි නසා ගැනීමේ සිද්ධියේ සැකකාර පාසල් ගුරුවරයා ගේ පාසලේ සී.සී.ටී.වී. දර්ශන අධිකරණය ඉල්ලයි

කොටහේන පාසල් දැරියක සිය දිවි නසා ගැනීමේ සිද්ධියේ සැකකාර පාසල් ගුරුවරයා ගේ පාසලේ සී.සී.ටී.වී. දර්ශන අධිකරණය ඉල්ලයි

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා වෙත උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය අද (18) දැනුම් දුන්නා.

එම පාසලේ සී.සී.ටී.වී දර්ශන පටිගත වූ ඩි.වි.ආර් යන්ත්‍රය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බවත් එහි වාර්තාව ලැබුණු වහාම අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඒ ඔස්සේ තවත් කිහිප දෙනෙකු⁣න් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවද එහිදී ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය දැනුම් දුන්නා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ලබා ගත් වෛද්‍ය වාර්තාවද එහිදී අධිකරණයට භාර දුන්නා.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සැකකාර පාසල් ගුරුවරයා අධිකරණය පෙනී සිටිි අතර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර සිටියේ සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශන තවදුරටත් සිදුකරන බවයි.

පසුගිය අප්‍රේල් 29 වැනි දින කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත් වැනි මහලින් පැන දිවි තොරකර ගත්තේ යැයිි කියන පාසල් දැරිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල සැප්තැම්බර් මස 29දා කැඳවීමට නියෝග කළා.

තවද විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා.

Share This