තුසිත හල්ලොලුව අත්අඩංගුවට

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතාව අත්අඩංගුවට ගැනීමට අධිකරණය ඊයේ (18) වරෙන්තු නිකුත්කරනු ලැබුවා.

මීට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටින නිවසට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් ඔහු නිවසේ නොසිටි බවයි වාර්තා වුණේ.

තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම රථයට වෙඩිතබා එහි තිබූ ලිපිගොනුවක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය
විමර්ශනයක් සිදුකරමින් පවතිනවා.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි තුසිත හල්ලොලුව මහතාව අත්අඩංගුවට ගැනීමට අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කලේ.

Share This