
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත කථානායකවරයා සහතික කරයි
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කළා.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ අගෝස්තු මස 06 වන දින යි.
ඒ අනුව, ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇති.
බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීමට විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණයි.
මෙම පනත මඟින් “ජාතික විදුලිබල උපදේශක සභාව” වෙනුවට “බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය” සකස් කිරීමට විධිවිධාන සැලසෙනවා.
එමෙන්ම, “තොග විදුලිබල වෙළෙඳපොළ” යන්න “ජාතික විදුලිබල වෙළෙඳපොළ” ලෙස වෙනස් කර ඇති අතර, කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක විදුලිබල සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යාම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ පුනර්ජණනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණුයි.