කිතුල්කොටේ දී වෑන් රථයක ගැටුණ වන අලියා සුවෙන්

කිතුල්කොටේ දී වෑන් රථයක ගැටුණ වන අලියා සුවෙන්

වැල්ලවාය ,තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරු වෙමින් සිටිය දී ඊයේ (18) අළුයම වෑන් රථයක ගැටී අනතුරට ලක් වූ වන අලියා නිරුපද්‍රිතව ප්‍රදේශයේ සැරි සරමින් සිටින බව වාර්තා වුණා.

අප වාර්තාකරු පැවසුවේ වන ජීවී නිලධාරීන් අද (19) අලියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවයි.

වන අලියා සොයාගත් වනජීවී නිලධාරීන් අලියාගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ එම සත්වයා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි.

අලියාගේ හැසිරීම් රටාව තවදුරටත් වන ජීවී නිලධාරීන් නිරීක්ෂණය කරන අතර එම වන අලියා සුපුරුදු ලෙස ආහාර ගනිමින් සිටින බව ඔවුන් සදහන් කරනවා.

 

 

 

 

Share This