
පොහොර සහනාධාරය දෙන්න QR කේතයක්
පොහොර සහනාධාරය ලබාදීමේ දී අදාල ගොවීන් වෙත එකී සහනාධාර නිසි ලෙස වේලාවට ලැබීම සහ එම මූල්‍යාධාරය ගොවීන් නිසි ලෙස සිය ගොවිතැන් කටයුතු සදහා වන පොහොර අවශ්‍යතාව සදහා සම්පූර්ණ වශයෙන් යොදාගන්නා බව සහතික කරගැනීම සදහා QR කේතයක් හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීම ගැන රජයේ අවදානය යොමුව තිබෙනවා.
ඒ අනුව පොහොර සහනාධාරය ලබාදීම සදහා QR කේතයක් හෝ ඩිජිටල් යාන්ත්රනයක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.