බුත්තල අනතුරකින් යතුරුපැදිකරු මරුට

බුත්තල අනතුරකින් යතුරුපැදිකරු මරුට

බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් බුත්තල දී සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

බුත්තල ජනාවාස මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ජනාවාස දහය ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ පෞද්ගලික සමාගමක සේවකයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බුත්තල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එම අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි තරුණයෙක් බරපතල තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුලත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවයි.

මෙසේ මියගොස් ඇත්තේ බුරුත පාර, බුත්තල ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසි හතක් වන පසිදු දිල්ෂාන් නැමැති තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This