රනිල් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට

රනිල් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින රනි වික්‍රමසිංහ මහතා අද සවස බන්ධනාගාර රෝහලින් කොළඹ ජාතික රොහලට මාරුකර එවීමෙන් පසුව එහි ගෙවන වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේ ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළා.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිනුණා.

Share This