
දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහනට පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධයක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කිරීම අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මීට විරෝධය පළ කරමින් ලංගම සේවකයින් පිටකොටුව ලංගම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවක්ද සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කිරීම කලක පටන් සාකච්ඡා වන කරුණක්.
මේ සඳහා පළමු පියවර වශයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේදී එම ගමන්වාර ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ – එළුවන්කුළම, කොළඹ – කල්පිටිය, මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුළියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර්, කොළඹ – තුන්නුක්කායි, යන ගමන් මාර්ග මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ බස් රථ ධාවනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පෞද්ගලික සහ ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහන් ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් ලංගම ඒකාබද්ධ වෘත්තිය සමිති සිය විරෝධය පළ කරනවා.