
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1,641 ක වාර්තාගත අපනයන ආදායමක්
ජූලි මාසය තුලදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 1,641 ක වාර්තාගත අපනයන ආදායමක් ලබා තිබෙනවා.
එය මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක්වන අතර පසුගිය ජූලි මාසයේ දී එය වාර්තා වූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා,
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,
“මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ මාසයක් තුළ ලබාගත් ඉතාම ඉහළම අපනයන වර්ධනය බවයි. භාණ්ඩ අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,304ක් දක්වා වර්ධනය වී ඇති අතර එය ගිය වසර සමග සැසදීමේ දී 15.37%ක වර්ධනයක්. සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය, තේ, පොල් ආශ්රිත නිෂ්පාදන සැකසු ආහාර වර්ග, ස්වර්ණාභරණ, එළවළු, පලතුරු ඇතුළු අංශවල ඉතාමත්ම කැපී පෙනෙන වර්ධනයක් අපිට දකින්න පුළුවන්. සේවා අංශය ගත්තොත් විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝට් අංශය 14% දක්වා වැඩි වෙලා තියෙනවා අපනයන ආදායම. අමෙරිකානු එක්සත් ජනපදය තමා අපේ අපනයනයට වැඩි දායකත්වයක් දක්වන්නේ. මිලියන 275කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. ඉතාලිය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ආදි අනෙකුත් රටවල අපනයන ආදායම්ද ඉහළ ගොස් ඇති බව ඒ මහතා තහවුරු කළා.