විපක්‍ෂයේ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැංවීමට පෙළ ගැසේ

විපක්‍ෂයේ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැංවීමට පෙළ ගැසේ

විපක්‍ෂයේ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැංවීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් (27) විපක්‍ෂ නායක කාර්යාලයේදී ආරම්භ වුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වෙනුවෙන් එක් වූ සියලු පක්‍ෂවල නායකයින් මේ හමුවට එක්ව සිටිනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම මඟින් වත්මන් ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පසුගියදා චෝදනා කළා.

ඒ අනුව විපක්ෂයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් එක්ව සටන් කිරීමට කටයුතු කරන බවටයි.

මෙවන් පසුබිමක් තුළ ඊයේ හිටපු ජනාධිපතිවරයාට ඇප නියම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අද දිනයේ නව සන්ධානයක් බිහිකිරීමට තමන් ඒකරාශී වන බව විපක්‍ෂයේ දේශපාලනඥයින් ප්‍රකාශ කළා.

Share This