රුපියල් හාර කෝටි හතරහමාරක හොර සිගරැට් සමග පුද්ගලයින් 3 අත්අඩංගුවට

රුපියල් හාර කෝටි හතරහමාරක හොර සිගරැට් සමග පුද්ගලයින් 3 අත්අඩංගුවට

රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ගුවන් මගීන් කොළඹ , අවිස්සාවේල්ල සහ මට්ටක්කුලිය ප්‍රදේශ වල පදිංචිකරුවන්.

ඔවුන් අවුරුදු 24 , 28 සහ 30 වයස් වල පසුවන්නන් බව තහවුරුවී තිබෙනවා.

අදාළ දුම්වැටි ඩුබායි වලින් මිළදී ගෙන, ඒවා කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් එතැන් සිට මෙරටට රැගෙනවිත් ඇති අතර ඒ අනුවයි කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙන්නේ.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 15 ක් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් භාරයට ගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි ප්‍රමාණය 300,600 ක්.

ඒ අනුව දුම්වැටි කාටූන් 1,503 ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This