
රනිල් අත්අඩංගුවට ගැනීම ගැන කිසිදු රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් නැතැයි ආණ්ඩුව කියයි (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් එල්ල වී තිබේ දැයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය විජිත හේරත් මහතා ගෙන් මාධ්‍ය විමසා සිටියා.
ඔහු පැවසුවේ එවැනි කිසිදු රාජ්‍යතාන්ත්‍රික විමසීමක් හෝ බලපෑමක් ඇතිවී නැති බවයි.
පුද්ගලයින් දෙදෙනකු මේ පිළිබදව අදහස් පළ කර තිබූ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.
ඉන් එක් අයකු මෙවැනිම චෝදනා ඇති අයකු බවද අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළා.
යූ ටියුබ් කරුවන්ටත් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මාධ්‍යවලට පිළිතුරු දෙමින් සදහන් කළා.