
රනිල් ගැන ප්‍රකාශ දුන්නාට ජාතික රෝහලේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක් (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසනවා.
ඔහු අද මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුට අයත් නොවන කාරණයක් කර ඇති බවයි.
රෝගියකුගේ තොරතුරු වෙනත් පිරිසක් අතට පත් කිරීම වෛද්‍ය ආචාර ධර්මවලට මෙන්ම නීතියට ද පටහැනි බව විජේමුනි මහතා පැවසුවා.
ඔහු පැවසූ ඇතැම් කරුණු සාවද්‍ය බව ද හංසක විජේමුනි මහතා පැවසුවා.