වසර 17 කට පසු ග්‍රෑන්ඩ්පාස් මිනීමැරුමේ විත්තිකරුවන් 02 කට මරණ දඩුවම

වසර 17 කට පසු ග්‍රෑන්ඩ්පාස් මිනීමැරුමේ විත්තිකරුවන් 02 කට මරණ දඩුවම

2008 වසරේ මැයි මස 11 වන දින ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද(27) මරණ දඬුවම නියම කළා.

එම චෝදනා යටතේ විත්තිකරුවන් හය දෙනෙකුට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර මේ වන විට අධිකරණය මගහැර ගොස් සිටින පළවන විත්තිකරුට සහ තුන්වන විත්තිකරුටද විනිසුරුවරයා එලෙස මරණ දඬුවම් නියම කර තිබෙනවා.

තුන්වන විත්තිකරු අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර පළවෙනි විත්තිකරු අධිකරණයේ මගහැර සිටි බැවින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා.

විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් සිව් දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි.

Share This