වැඩ බැරි අයට පොලිස්පති දුන් පනිවිඩය (VIDEO)

වැඩ බැරි අයට පොලිස්පති දුන් පනිවිඩය (VIDEO)

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස්දෙනාගෙන් විමර්ශන අංශ ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමෙන් පසු කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත්, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන සැකකරුවන් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙතත් රැගෙන ගියා.

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදි අත්අඩංගුවට පත්වුණේ ඉකුත් බදාදායි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා ඇතුළු පිරිසක් එරට පොලිසියේ ද සහයෙන් එම මෙහෙයුම සිදුකළා.
ඒ අනුව ඊයේ පස්වරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් පිටත් වූ අත්අඩංගුවට පත් අපරාධ කල්ලි සාමාජිකයන් රැගත් ගුවන් යානය ඊයේ රාත්‍රී 7.40ට පමණ කටුනායක ගුවන්තොටුපළට ළඟා වුණා.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමට සහය වූ ඉන්දුනීසියා පොලිසියේ නිලධාරී කණ්ඩායමක් ද ඔවුන් සමඟ මෙරටට පැමිණියා.

එහිදී මෙරට විමර්ශන නිලධාරීන් සහ ඉන්දුනීසියා පොලිසියේ නිලධාරීන් පිළිගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාත් මෙලෙස කටයුතු කළා.

එමෙන්ම කටුනායක ගුවන්තොටුපළේදී අදාළ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිසියේ නිලධාරීන් අගයමින් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමරු ඵලක පිරිනැමීමක්ද සිදුකළා.

අනතුරුවන් සැකකරුවන් ගුවන්තොටුපළේ පැයක පමණ කාලයක් රඳවාගෙන මූලික විමර්ශන සිදුකළ විමර්ශන නිලධාරීන් පසුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත්,බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙතත් රැගෙන යාම සඳහා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියා.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන අපරාධ කල්ලි සාමාජිකයන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබුණා.

උඩුගම්පල කෙහෙල්බද්දර පදිංචි කේ.ජී. මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන අතර ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් පවතිනවා.

ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමෙන් පසු කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත්, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන සැකකරුවන් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙතත් රැගෙන ගියා.

මේ වන විට කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන සැකකරුවන් විශේෂ සිර මැදිරියක රඳවා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බව වාර්තා වනවා.

එමෙන්ම මෙම සියලු සැකකරුවන් ආරක්ෂක හේතූන් මත සෘජුවම අධිකරණ වෙත ඉදිරිපත් නොකර රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට සිදුකිරීමට නියමිත බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

Share This