
දේවි කුසුමාසනට 100 පනී (VIDEO)
සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ දේවි කුසුමාසන චිත්‍රපටය මේවනවිට දින 100 පසු කරමින් ජයග්‍රාහී ගමනක නිරත වනවා.
දැවැන්ත සිනමා කෘතීන් නිර්මාණය කළ ලයිකා ප්‍රඩක්ෂන් ලංකා වෙතිනුයි මෙරට සිනමාවට දේවි කුසුමාසන තිළිණ වන්නේ.
නොනවතින ප්‍රේක්ෂක ආදරය මැද දේවි කුසුමාසන චිත්‍රපටය මේවනවිට විජයග්‍රාහී දින 100 පසු කරමින් සිනමා ශාලා පනහකට අධික ප්‍රමාණයක ප්‍රදර්ශනය කෙරෙනවා.
චිත්‍රපටය දින 100 සපිරු දා ප්‍රේක්ෂකයින්ට විශේෂ අත්දැකිමක් ලබා දීමට මහරගම මෙට්‍රෝ සිනමාශාලාව කටයුතු කර තිබුණා.
ඒ අනුව ච්ත්‍රපටය නැරබීමට පැමිණි ප්‍රේක්ෂකයින් අතරින් කුසපත් ඇදීමකින් තෝරා ගත් වාසනාවන්තයින් දස දෙනෙකුට වටිනා ත්‍යාග ලබා දීමට කටයුතු කර තිබුණා.
සීමාසහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් මෙම කටයුත්ත සංවිධානය කර තිබුණා.
මේ අවස්තාව සදහා ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක සහ ජනප්‍රිය රංගන ශිල්පිනි උදාරි වර්ණකුලසුරිය යන මහත්ම මහත්මින්ද එක්ව සිටියා.